එක්සත් ජාතික පක්ෂයට උතුරු නැගෙනහිර ඡන්ද අහිමිවීමට හේතුව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් පෙන්වා දෙනවා.
එක්සත් ජාතික පක්ෂය විසින් උතුරු නැගෙනහිර පළාත් තුළ බෞද්ධ විහාර 1000 ක් ඉදිකරන බවට සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීම තුළින් දෙමළ ජනතාව එක්සත් ජාතික පක්ෂය කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටී ගිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තමන් අදාළ කාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, ආගම් දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් යොදා නොගන්නා ලෙසට දේශපාලන පක්ෂ වෙත දැනුම්දෙන ලෙසට තමන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කළ බවද ශිවාජිලිංගම් පැවසුවා.
උතුරු නැගෙනහි බහුතර දෙමළ ජනතාව ජිවත්වන වටපිටාවක බෞද්ධ විහාර 1000 ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යවීම තමන් හෙළා දකින අතර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රකාශයේ අදාළ කරුණ සදහන්වීම තුළින් එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජනතාවගෙන් හිමිවීමට තිබු ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමිවී ගිය බවයි ඔහුගේ මතය වෙන්නේ.