Tuesday, September 17, 2024

General line - 0115112241

දේශපාලන හැලහැප්පීම් මැද්දේ කැබිනට් මණ්ඩලයෙන් දැඩි තීන්දුවක්




වර්තමානයේ සිදු වන භූමිතෙල් අවභාවිතය වැළැක්වීම සඳහා දැඩි පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස ඉන්ධන මිශ‍්‍ර කිරීමේ කාර්යයේ නිරත වන හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධි කටයුතුවල නිරත වන හෝ ඊට සහය වන පිරවුම්හල් නියෝජිතයින්ගේ හිමිකාරීත්වය අහෝසි කරනු ඇති.

ඉකුත් සමයේ භූමිතෙල් පරිභෝජනය අනපේක්ෂිත ලෙස ඉහළ ගිය බවට තහවුරු කරගෙන තිබෙනවා. භූමිතෙල්වලට ලබාදෙන සහන මිල හේතුවෙන් ඇතැම් පිරිස් දුරගමන් බස් රථ සහ ලොරි රථවලට ඞීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවටයි වැඩිදුරටත් අනාවරණ කරගෙන ඇත්තේ.