Sunday, September 8, 2024

General line - 0115112241

අගමැති ඉවත් කළ හැකි ක්‍රමය ගැන නීති විශාරදයින් කියන කතා

සමන්ත කුමාර




අග‍්‍රාමාත්‍යවරයා, ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති නීතිමය බලය සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයට ලක්ව තිබෙනවා. 

19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  සංශෝධනය අනුව අග‍්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීම සංකීර්ණ කාරණයක් වන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පෙන්වා දෙන්නේ. අග‍්‍රාමාත්‍යවරයා නායකත්වය දෙන ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත් කිරීම හරහා අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට හැකියාවක් ඇති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ආචාර්ය මේනක හරන්කහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මතුව ඇති තත්ත්වය හමුවේ අගමැතිවරයෙකු ඉවත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නෙත් නිවුස් නීතිවේදී ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා ගෙන්ද කරුණු විමසීමක් කළා. ඔහු පෙන්වා දේන්නේ වෙනත් මන්ත්‍රීවරයකුට බහුතර කැමැත්ත ඇති බව දැනුම් දෙන්නේ නම් එවිට ඉවත් කළ හැකි බවය.