Sunday, September 8, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි




පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ වන විට විශේෂ පක්ෂ නායක රැස්වීම ආරම්භ වී තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00ට රැස්වීමට ද නියමිතයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව ද මෙය වනවා.

මේ වන විටත් මෙම පාර්ලිමේන්තු රැස්වීම කෙරෙහි කාගේත් දැඩි අවධානයක් යොමු වී ඇත්තේ පවතින දේශපාලන අර්බුද මැද මෙලෙස පාර්ලිමේන්තුව රැස්වීමයි.

කිසියම් හෝ පක්ෂයක් අද දිනයේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනු ඇතැයි පසුගිය දින කිහිපයේද දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ අදහස් පළ වී තිබුණා.