Sunday, September 8, 2024

General line - 0115112241

දැඩි වියළි කාළගුණයත් සමගම නිවසක හටගත් ගින්න (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




මධ්‍යම කඳුකරයේ බටහිර බැවුමි ප‍්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වය සහ දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන් නගරයේ නිවසක් ගිණි ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාව පවසනවා.

හැටන් සර්කියුලර් පාරේ නිවසකයි අද (19) දහවල් 12.00 ට පමණ ගිණී ගැනිමට ලක්ව ඇත්තේ.

එම නිවසේ වහල ආවරණය කර ඇති සෙවිලි තහඩු රත්වි එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පැරණි කඩදාසි කොළ වලට ගිණි ඇවිලි ගින්න හටගත් බවයි එම නිවසේ හිමියන් පවසන්නේ.

ගින්නෙන් එම නිවසේ සිවිලිම මත ගබඩා කර තිබු පාවිචිචියට නොගන්නා උපකරණ රැසක්ද විනාශ වී තිබෙනවා.

පැතිර ගිය ගින්න ප‍්‍රදේශවාසින් එක්ව නිවා දමා ඇති අතර ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. ගින්නෙන් එම නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි nethnews.lk කළ විමසීමකදී හැටන් පොලීස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.