Friday, October 18, 2024

General line - 0115112241

ඡන්ද උණුසුමෙන් මධ්‍යම පළාත් සභාවත් උණුසුම් වෙලා

ජේ ඒ එල් ජයසිංහ - මහනුවර




අද  (20) පැවැති මධ්‍යම පළාත් සභාවේ 6 වන සැසිවාරය උණුසුම් මුහුණුවරක් ගත්තා.  ඒ, ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඇතිවූ වාද විවාද හේතුවෙන්. විවාදයන් මධ්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාවෙන් පිටතට ගොස් තිබෙනවා.

අනතුරුව සභාව පත්වාගෙන යාමට ප්‍රමාණවත් ඝණ පූර්ණයක් නොමැති වීම හේතුවෙන් පැය කිහිපයකට සභාව කල් තැබීමට සභාපතිවරයාට සිදුවුණා. එහෙත් නියමිත වේලාවට යළි සීනුව නාද කළ පසුවද මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණීම හේතුවෙන් සභාව ලබන 06 දක්වා කල් තැබීමට සභාපතිවරයාට සිදුව තිඛෙනවා.