Sunday, September 8, 2024

General line - 0115112241

පුංචි ඡන්දෙන් පසු ආණ්ඩුවට මතක් වූ සංවර්ධනය විය යුතු ව්‍යාපෘති

හේමන්ත කහවලගේ




පලාත් පාලන ආයතන ඡන්ද විමසිමෙන් පසු පළමු වරට අද (20) පැවති කැබිනට් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ නුවර අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අතර උණුසුම් වාද විවාද පැවැති බවයි. මෙම අධිවේගී මාර්ගයට වඩා සංවර්ධනය කළ යුතු මාර්ග හා වෙනත් ව්‍යාපෘතීන් ඇති බව මෙහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිඝණක ලබා දීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ අණින් නවතා දැමීමටයි අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇත්තේ. එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ජනාධිපතිවරයා පවසා ඇත්තේ ටැබ් පරිඝණක ලබා දෙනවාට වඩා පාසල් වල තවත් කළ යුතු සංවර්ධනයන් ඇති බවයි.

2017 අයවැය යෝජනාවකට අනුව සිසුන් එක් ලක්ෂ හැත්තෑ දහසකටත්, ගුරුවරුන් තිස් හයදහසකටත් ටැබ් පරිගණක ලබා දීමටයි යෝජනා කෙරුණේ. ඊට වෙන් කර තිබු මුදල රුපියල් බිලියන 5ක්.

එමෙන්ම අපවත්වි වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අති පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24වනදා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන බවයි අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

මේ අතර අද (20) දිනයේ පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍යවරුන් තිදෙනෙකු සහභාගී සහභාගී වී නැහැ. සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර සහ චන්දිම වීරක්කොඩි එම අමාත්‍යවරුන්.