Sunday, September 8, 2024

General line - 0115112241

නව ආර්ථීකයක් සඳහා සූදානමක්

තරංග රුක්ෂාන් ජයසේකර




නව ආර්ථීක වැඩපිළිවෙලක් ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, ජාතික ආර්ථීක සභාව හරහායි. රටට අවශ්‍ය කඩිනම් ආර්ථීක කළමනාකරණ සහිතව මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කෙරෙනු ඇති.

මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ ජාතික ආර්ථීක සභාවේදීයි. ඊට අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක්ද එක්ව සිටියා.

මේ අතර 2030 වනවිට ශ්‍රී ලංකාව ආර්ථීක, සමාජිය සහ පරිසරය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සපුරාගත යුතුව ඇති තිරසාර සංවර්ධන ඉලක්ක සහිත ජාතික තිරසර කථීකාවේ පළමු කෙටුම්පතද අද (20) ජනාධිපතිවරයාට භාර දුන්නා.