Sunday, September 8, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ දැනුම් දීමක් සිදු කෙරේ

හේමන්ත කහවලගේ




මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අදාළව ශී‍්‍ර ලංකාව විසින් ප‍්‍රංශයේ පැරිස් නුවර ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලීසියේ ප‍්‍රධාන කාර්යාලයට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එමගින් දන්වා ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කරන ලෙසයි. ශී‍්‍ර ලංකාවේ පිහිටි ජාත්‍යන්තර පොලීසියේ ශාඛාව හරහා මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්. 

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ලෙස හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නම් කර තිබෙනවා. ඔහුට ඉකුත් 15 වැනිදා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි මීට පෙර දැනුම් දී තිබුණේ.

එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට නොපැමිණී බව ඉකුත් දා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේ ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසයි. 

(මේ හා සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)