Sunday, September 8, 2024

General line - 0115112241

ආණ්ඩුවේ වැඩ ගැන උදයංග මාධ්‍ය නිවේදනයකින් කියයි

හේමන්ත කහවලගේ




රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වෙන්නේ ශී‍්‍ර ලංකාව දෙවන වරටත් කළ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලීසිය නිල් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. 

එහෙත්, හිටපු රාජ්‍ය තාන්තී‍්‍රක නිලධාරියෙකු වන තමාට එරෙහිව රතු වරෙන්තුවක් ලබා ගැනීමට මෙරට නිලධාරීන් මේ වනවිට උත්සහයක නිරත වී සිටින බවට දැනගන්නට ඇති බවයි ඔහු පවසන්නේ.

ශී‍්‍ර ලංකා රජය තමාට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කිරිමට සූදානම් වූ බවට සාවද්‍ය තොරතුරු ඉදරිපත් වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ බලධාරීන් තමා අත්අඩංගුවට ගත් බවද උදයංග වීරතුංග සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.