Sunday, September 8, 2024

General line - 0115112241

ගෑස් මිල වැඩි කරන්න ආණ්ඩුව එකඟ වූ බව සමාගම් කියයි

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසනවා.

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය නෙත් නිවුස් වෙත කියා සිටියේ ගෑස් මිල වැඩි කරන ලෙසට කරන ඉල්ලීම මෑතකදී සිදු කළ එකක් නොවන බවයි.

ලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හා රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෑම මාස දෙකකටම වරක් පාරිභෝගික අධිකාරියට තොරතුරු ලබා දී ඇති බවයි ලාෆ් සභාපතිවරයා කියා සිටියේ.

ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ද මාධ්‍යවේදීන් වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.