Sunday, September 8, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමතිවරුන්ට ඇමති ධූර සමගින් කැබිනට් සංශෝධනය සිදු වෙයිලු

හේමන්ත කහවලගේ




සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී වෙනස් කම් රැසක් සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට අමාත්‍යධූර හිමිවනු ඇති බවයි පැවසෙන්නේ.

එනම් ප‍්‍රධාන අමාත්‍යධූර කිහිපයක්ද වෙනස් වීමට නියමිත බවයි පැවසෙන්නේ.

ප‍්‍රධාන අමාත්‍යාංශ දරන අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන්ද වෙනස් වනු ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අද (21) දිනයේ සිදුවනු ඇතැයි මීට පෙර වාර්තා වූ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය අද සිදු නොවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. 

මේ අතර කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වනවිට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක  සම කැබිනට් ප‍්‍රකාශකවරු ලෙස ඊට එක්ව සිටිනවා.