Friday, October 18, 2024

General line - 0115112241

'ජනපතිගේ තීරණය එනතෙක් බලා සිටිනවා' - සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි

හේමන්ත කහවලගේ




ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් ස්ථිර ප‍්‍රකාශයක් සිදු කර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ස්ථාවරය ලැබෙන තුරු තම අමාත්‍ය කණ්ඩායම අපේක්ෂාවෙන් පසුවන බවයි. 

ජාතික ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳ කිසියම් හෝ පක්ෂයක් දැනුම්දීමක් සිදු කර ඇත්දැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී කතානායකවරයා ප‍්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ එම පක්ෂ දෙකේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු හෝ ඔවුන්ගේ නිල ස්ථාවරය තමාට දැනුම් දීමක් සිදු කළ යුතු බවයි.