Sunday, September 8, 2024

General line - 0115112241

තරුණියගේ මරණය රට පුරා දුම්රිය වර්ජනයකට ඉඩ හදන ලකුණු

අමදෝරු අමරජීව




ති‍්‍රකුණාමලය සහ කොළඹ අතර ධාවනය වන දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ඊයේ (20) රාති‍්‍රයේ තී‍්‍රකුණාමලයේ සිදුවූ දුම්රිය අනතුරකින් තරුණියක් මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකෝප වූ පිරිසක් දුම්රිය සේවකයින්ට පහර දීමට විරෝධය පළ කරමින්.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කළේ අදාළ පහරදීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට නොගතහොත් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ විසි දෙහැවිරිදි තරුණියක්.