Sunday, September 8, 2024

General line - 0115112241

ප්‍රභාකරන්ගේ රුව ෆේස් බුක් දැමූ රත්නපුරේ තරුණයින්ට අන්තර් ජාතික නීතියක් යටතේ කටයුතු කරන්නැයි නීතිපති කියයි!




එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිතව නව වසර සඳහා සුබ පැතුම් පතක් ෆේස් බුක් දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු තරුණයින් දෙදෙනා ලබන මාර්තු මස 7වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව අන්තර්ජාතික සිවිල් හා දේශපාලන පනත යටතේ කටයුතු කිරීමට නීතිපත්වරයා උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය මෙහිදී අධිකරණයට දන්වා සිටියේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රත්නපුර සමගිපුර විල්ලපිටියවත්ත ප‍්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.