Sunday, September 8, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුව දේශපාලන තීන්දුවක් ! ඒවාට කොහෙද නීති !




මෙම සතිය අවසන් වීමට පෙර කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.


ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා සම කැබිනට් ප‍්‍රකාශක දයාසිරි ජයසේකර සහ අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් නොපැමිණීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. එය ඔවුන්ගෙන් අසාගන්නා ලෙස පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසින්.


"ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම දේශපාලන තීන්දුවක්. ඒවාට කොහෙද නීති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇතිකරලත් නෑ. එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා ප්‍රශ්නයක් ඇතිකරලත් නෑ. තුන්වෙනි පාර්ශවයකට ප්‍රශ්නයක් නැහැනේ ඒ දෙගොල්ල අතර ගිවිසුමකට."