Sunday, September 8, 2024

General line - 0115112241

භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා - බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

හේමන්ත කහවලගේ




දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු වාර්තා වනවා.

ඩීසල් සඳහා අධික මුදලක් වැය වීම නිසා එම බස් රථ සේවකයින් භූමිතෙල් යොදා ගනිමින් බස් ධාවනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

කොළඹ සිට තංගල්ල දක්වා ධාවනය වන නගරාන්තර බස් රථයකට එක් ගමන්වාරයක ඩීසල් සඳහා වැය වන මුදල රුපියල් 11, 500 ක්. එම නගරාන්තර බස් රථයකට භූමිතෙල් සඳහා වැය වන්නේ රුපියල් 5,500 ක් පමණයි.

මෙලෙස මුදල් ඉතිරි වීම හේතුවෙන් සියයට 90ක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී තිබෙනවා.

මෙම බස් රථ භූමිතෙල් යොදා ධාවනය කරන්නේ සයිලන්සර් සහ ඉන්ජෙක්ටර් වෙනස් කරමින් බවයි පැවසෙන්නේ. ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කිරීමෙන් වසරකට රුපියල් ලක්ෂ 24ක ලාභයක් හිමිවන බවයි එම බස් රථ සේවකයන් පවසන්නේ. 

කෙසේ වෙතත් භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීමෙන් එහි ගමන් ගන්නා මගීන්ගේ සෞඛ්‍යයට හානිදායක බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.