කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේ සුවිසල් මන්දිරවලට මැදිව පිහිටා තිබෙන මේ සුන්දර දිය පොකුණ අද වන විට අභියෝග රැසකට මුහුණ දෙමින් තිබෙනවා.
මේ අසළ මීට වසර ගණනාවකට පෙර තිබූ කුඩා අඩිපාර අද මෙම දිය පොකුණ වසාගෙන තාර පාරක් බවට පත්වෙලා.
අවස්ථා ගණනාවකදී වසා දැමීමට පවා ගිය මෙම දිය පොකුණ කොළඹ හත ප්‍රදේශයේ පිහිටා තිබෙන බීමට පවා සුදුසු ජලය ඇති කිසිදා නොසිඳෙන දිය උල්පතකින් පොහොසත්.
(මේ පිළිබඳව සැකසූ කෙටි වීඩියෝවක් පහතින් දැක්වෙයි)