ජාත්‍යන්තර අධිකරණ පිහිටුවීමට මෙරට ව්‍යවස්ථාවට අනුව කිසිදු ඉඩකඩක් නොමැති බව ජාතික හෙළ උරුමය පවසනවා. වත්මන් ආණ්ඩුවද එවැනි අධිකරණ පද්ධතියක් පිහිටුවීමට තීරණයක් ගෙන නොමැති බවයි එහි උප සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසුවේ.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුකරන කිසිදු දෙයකට සහාය දෙන්න තමන් සූදානම් නොමැති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම වෙනත් රටක විනිශ්චයකරුවන්ට මෙරටට පැමිණ නඩු ඇසීමේ හැකියාවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් කියා සිටියා.
කතාබහට ලක්ව ඇති ජාත්‍යන්තර අධිකරණය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ද අදහස් පළ කළා.
ව්‍යාජ දේශප්‍රේමිත්වය පෙන්වා ජනතාව නොමග යැවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම ජාත්‍යන්තර අධිකරණයක් සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අනිසි බියක් ඇති කරන බවත් එවැනි කිසිදු අධිකරණ පද්ධතියක් රටතුල ක්‍රියාත්මක නොවන බවත් ඔහු කියා සිටියා.
එමෙන්ම ජාත්‍යන්තර අධිකරණය සම්බන්ධයෙන් 2009 වසරේ සිට මේ දක්වා අදහස් ප්‍රකාශ වුවද එවැනි කිසිවක් මෙතෙක් ක්‍රියාමක කර නොමැති බවත් රට වෙනුවෙන් කැපවූ රණවිරුවන් ආරක්ෂා කිරිමට රජය බැඳි ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.