Thursday, January 2, 2025

General line - 0115112241

රතන හිමියන් අරගලයකට සූදානම් වෙයි

හේමන්ත කහවලගේ




තහනම් කර ඇති ග්ලයිෆොසෙට් රසායනිකය නැවත ඉල්ලා  අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් කැබිනට් පත්‍රිකා දෙකක් අමාත්‍ය මණ්ඩලයට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන අමාත්‍යවරුන් විසින් මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර  ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ ග්ලයිෆොසෙට් රසායනිකය සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබාදෙන්නේ නම් ඊට එරෙහිව අරගලයක් ආරම්භ කරන බවයි.

ග්ලයිෆොසෙට් රසායනිකය යනු එල්.ටී.ටී.ඊ සංවිධානයට වඩා භයානක දෙයක් බවත් එල්.ටී.ටී.ඊය කළ මිනි මැරුම්වලට ග්ලයිෆොසෙට් රසායනිකයෙන් සිදුවන මිනිමැරුම් අධික බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

එම මිනී මැරුම්වලට මෙරට කෘෂි රසායනික සමාගම් වගකිව යුතු බවද අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියා.