Wednesday, May 8, 2024

General line - 0115112241

සමාජයෙන් මුහුණ හංගාගත් පුංචි පාසල් දැරිය (PHOTOS)




ඒඩ්ස් භීතියක් හේතුවෙන් පාසල අහිමි වූ  කුඩා දැරියක් ඊයේ (26) පෙරවරුවේ සිට පස්වරුව දක්වා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක  නිරත වුණා.

මෙම දැරිය ගම්පහ ගනේමුල්ල් කුඩා බොල්ලත ශ්‍රී සුමංගල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර එහි බලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය මස 20 වැනි දින සිට පාසල් ගමන අහිමි වී ගියා.
 
මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවිය පළමු වසරේ සිට මේ දක්වා පන්තියේ පළමුවෙනියා වීමටද සමත් වී තිබුණා.

පසුගිය වසරේද පෙබරවාරි මාසයේ මෙම දැරියට පාසල අහිමි වූ අතර එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත්ව  දැරියට පාසල් යාමේ අවස්ථාව උදා කර දුන්නා. දැරියට නැවත කිසිදු හිරිහැරයක්  සිදු නොවන තැනට වග බලා ගන්නා බව එහිදී විදුහල්පතිවරයා පොරොන්දු වී තිබුණත් යළිත් මෙම දැරියට එම පීඩාවන් සිදුව තිබෙනවා.