Thursday, January 2, 2025

General line - 0115112241

ලබාදුන් කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න - ශ්‍රී ලංකා මහ බැංකුව

වසන්ත පිවිතුරු




සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් කාලය අවසන් වීමට තවත් දින 04ක් ඉතිරිව තිබෙනවා.

මෙම කාලය තුළ තමන් සතුව ඇති එවැනි මුදල් නෝට්ටු වහාම ළඟම ඇති බැංකුවලින් හුවමාරු කර ගන්නා ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ.

මෙම මුදල් නෝට්ටු හුවමාරුව සඳහා දින 04ක කාලයක් ඉතිරව ඇතත් ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට අවස්ථාව හිමි වන්නේ හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින පමණයි.

30 වනදා මහ සිකුරාදා දිනය යෙදී ඇති අතර 31 වනදාට යෙදී ඇත්තේ පොහොය දිනයයි.

එම දිනවල බැංකු කටයුතු සිදු නොවන බැවින් හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුල උපරිම ප්‍රයෝජනය ලබාගත යුතු වනවා.

කෙසේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීම සඳහා අවසන් දිනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර තිබුණේ 2017 වසරේ දෙසැම්බර් මස 31දායි.

පසුව එම කාලය මාස තුනකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළා. ඒ අනුව 2018 වසරේ මාර්තු මස 31දා දක්වා අදාළ මුදල් හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍ය කාලය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර තිබුණා.

එම කාලය මෙම මස 31 වනදායින් අවසන් වනවා.

ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම, 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් බවයි මහ බැංකුව සඳහන් කළේ.

මුදල් නෝට්ටුවලට හානි කිරීම සිර ගත කිරීමකට හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.