Wednesday, May 8, 2024

General line - 0115112241

සෞදියට එල්ලවු මිසයිල ප්‍රහාරය මෙල්ල කල හැටි (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




සෞදි අරාබියේ, රියාද් අගනුවරට එල්ලවු මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරිමට එරට ගුවන් ආරක්ෂක පද්ධතියට හැකිවු බව වාර්තා වෙනවා.

යේමනයේ සිට එල්ලවු බැලැස්ටික් මිසයිල් 7ක් හඳුනා ගැනිමට හැකිවු බවත් ඒ අනුව තම ගුවන් ආරක්ෂක පද්ධතියට විසින් එල්ල කල ප්‍රතිප්‍රහාරයකින් රියාද් අගනුවරට ඉහල අහසේදි එක් මිසයිලයක් බිම හෙළු බව සෞදි මාධ්‍ය වාර්තා කරනවා.

එම මිසයිලයේ සුන්බුන් නිවසක් මතට ඇද වැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

යේමනයේ සිටින කැරළිකරුවන් සෞදිය ප්‍රමුඛ අරාබී ලිගයේ ඒකාබද්ධ රටවල් ඉලක්ක කර ගනිමින් මෙම බැලැස්ටික් මිසයිල ප්‍රහාරය එල්ල කර තිබෙන බවට සෞදි රජය පවසනවා.

සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය සතුරු මිසයිලයට ප්‍රහාර එල්ල කළ අයුරු රැගත් විඩියෝව පහතින් දැක්වෙයි.