Thursday, January 2, 2025

General line - 0115112241

අජන්ත මෙන්ඩිස් සහ සීක්කුගේ ප්‍රසන්න සමගින් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙයි




ජාත්‍යයන්තර ක්‍රිකට් කණ්ඩායම් හා තරඟ වැඳීමට මෙරට යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාවක් හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා සහභාගීවීමට පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියා.

යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන ලුතිතන් අජන්ත මෙන්ඩිස් සහ බලලත් නිලධාරී 1 සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් ද මෙම තරඟාවලිය සඳහා සහභාගි වනවා.

මාර්තු මස 27 සිට 30 දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් හා තරඟ වැඳිමට ද අවස්ථාව හිමි වෙනවා.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 01 සිට 03 දක්වා මැලේසියා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින තරඟ (පන්දුවාර 50) තරග 03 ක් සඳහා ද සහභාගිවීමට නියමිතයි.

මෙවැනි තරඟාවලි පැවැත්විම මඟින් ක්‍රීඩකයන් අතර ආත්ම විශ්වාසය වැඩිදියුණු වන අතර, විවිධ තණතිලිවල ක්‍රීඩා කිරීමේ හැකියාව ද වර්ධනය වෙන බවයි යුද්ධ හමුදාව පෙන්වා දෙන්නේ.