Thursday, January 2, 2025

General line - 0115112241

"දුම්රිය ගාස්තු ඉහළ දැමීමෙන් පමණක් වාර්ෂික පාඩුව අවම කරන්න බෑ"

පසන් වික්‍රමතිලක




දුම්රිය සේවය දියුණු නොකර දුම්රිය ගාස්තු ඉහළ දැමීමට රජය ගත් තීරණයට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විරෝධය පළ කරනවා. දුම්රිය මගීන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ සලසා නොමැතිව දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි කිරීම අනුමත කළ නොහැකි බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ පැවසුවේ.

ලබන මස මුල සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එය  දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබු තීන්දුවක් නොවන බවයි ඔහු කියා සිටියේ.

දුම්රිය මගීන්ට මෙන්ම සේවකයන් වෙත අවශ්‍ය පහසුකම් සපායා නොදී දුම්රිය ගාස්තු ඉහළ දැමීම තමන් හෙළා දකිව බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම වාර්ශිකව දුම්රිය දෙපාර්තමේන්තුව ලබන පාඩුව රුපියල් කෝටි 7කට අධික වන අතර එය දුම්රිය ගාස්තු ඉහළ දැමීමෙන් පමණක් පියවා ගත නොහැකි බවද දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ කියා සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් හිමිවූ සියලු සේවාවන් පෞද්ගලික අංශ වෙත ලබාදී ඇති බවද මෙහිදී ඔහු පෙන්වා දුන්නා.