Friday, October 25, 2024

General line - 0115112241

අරණායක සභාපති ඡන්දයට අල්ලස්! පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




අරණායක ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේදී මන්තී‍්‍රවරුන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත සහ මැතිවරණ කොමිසම වෙත අද (28) දිනයේ පැමිණිලි කරන බව අරණායක ප‍්‍රාදේශීය සභාවේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මන්තී‍්‍ර රෝහණ සුරවීර පවසනවා.

පසුගිය මැතිවරණ ප‍්‍රතිපලය අනුව අරණායක ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර ආසන 31න් 14ක් පොදු ජන පෙරමුණට හිමිවුණා. මන්තී‍්‍ර ආසන 10ක් එක්සත් ජාතික පක්ෂයටත් හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ මන්තී‍්‍ර ආසන ගණන 04ක්. ජනතා විමුක්ති පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමකට එක් මන්තී‍්‍ර ආසනය බැගින් හිමිව තිබුණා. සභාපතිරවයා තෝරා ගැනිම සඳහා පසුගිය සඳුදා පැවැති රහස් ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නිහාල් සෙනෙවිරත්න එම තනතුරට පත් වුණේ ඡන්ද 16ක් ලබා ගනිමින්. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ඉෂාරා මදුෂානිද ඔහුට ඡන්දය ලබා දුන් බව ඊයේ ප‍්‍රකාශ කළා. ඒ, රුපියල් ලක්ෂ දෙකක මුදලකටයි.