Wednesday, May 8, 2024

General line - 0115112241

නේටෝවත් රුසියානුවන් 07ක් පන්නයි

පවිත්‍රා මධුහර්ෂණී




නේටෝ සංවිධානය විසින් ඊට අනුබද්ධව සේවය කරන රුසියානු රාජ්‍ය තාන්ති‍්‍රකයින් 07 දෙනෙකු නෙරපා හැර තිබෙනවා. ඒ, හිටපු රුසියානු රහස් ඔත්තුකරුවෙකුට සහ ඔහුගේ දියණිය ඉලකක් කර එල්ල වුනු රසායනික ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දක්වමින්.

අදාළ සිද්ධියට මුහුණ පෑ රුසියානු ජාතිකයා සහ දියණිය මේවනවිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවනවා. ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ රුසියාවටයි. 

කෙසේවෙතත් නේටෝ සංවිධානය ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානය පවසන්නේ රුසියාව සිය කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් දඬුවම් විඳිය යුතු බවයි. අදාළ රසායනික ප‍්‍රහාරයට විරුද්ධව මේවනවිට රටවල් රැසක් රුසියාවට ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ සමීප රාජ්‍යයන් සේ සැලකෙන රටවල් 26ක් අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් සිය රට තුළ සිටි රුසියානු රාජ්‍ය තාන්ති‍්‍රකයින් 140 දෙනෙකු පමණ නෙරපා හැර අවසන්.

එම සියලූ රටවල් චෝදනා නගන්නේ අදාළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව ඍජුව වගකිව යුතු බවයි. කෙසේ වෙතත් සිට රටට එල්ල වන චෝදනා රුසියානු රජය විසින් තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ සිය රාජ්‍ය තාන්ත‍්‍රිකයින් නෙරපා හැරීමට අමෙරිකාව අනෙකුත් රටවල් වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බවයි.