Friday, October 25, 2024

General line - 0115112241

අගමැතිට ගෙන එන විශ්වාසභංගය ඇමතිවරුන්ටත් අදාලයි

සමන්ත කුමාර




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ රැඳී සිටිමින් පළ කරන අදහස් ගැටලූ සහගත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර හෙක්ටර් අප්පුහාමි මේ බව කියා සිටියේ අමාත්‍ය එස් බී දිසානායක ඊයේ (27) සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදීයි.

"මේ අයට ඇමතිකම් පිනට ලැබිල නිසා ආණ්ඩුවේ ඉන්නව කියල තේරෙන්නේ නැතුව වෙන්න ඇති. අගමැතිට විශ්වාසභංගයක් එනවනම් ඒ ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් ඒක අදාලයි. දේශපාලනයේ ඇට්ටර වෙච්ච මේ අය මෙහෙම කතා කරන්නේ කපටිකමටද නැත්නම් කවුරුහරි මෙහෙයවනවද කියලයි හිතාගන්න බැරි" 

අමාත්‍ය එස් බී දිසානායක ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීම අපහසු කරුණක් බවයි.