Friday, October 25, 2024

General line - 0115112241

අල්ලස් දී ප්‍රාදේශීය සභාවල සභාපතිකම් ගැනීම ජයටම! විකිණෙන මිල ගණන් මෙන්න

සමන්ත කුමාර




මෙරට පළාත් පාලන ආයතනවලින් බාගයක පමණ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදී මන්තී‍්‍රවරුන්ට අල්ලස් ලබා දීමේ උත්සහයන් පවතින බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. ඒ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු හෙළි කළේ මෙලෙසයි.

"පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ආයතන 170ක් පමණ 50%ක බලයක් කිසිදු පක්ෂයකට ලැබිල නැහැ. මෙන්න මේ තත්ත්වය මත සභාපතිවරයා තෝරාගැනීමේදී එය මුදලට යටවූ ආකාරයක් දක්නට ලැබෙනව. එයට රුපියල් මිලියනයේ සිට මිලියන 10 දක්වා මිල ගණනන් නියම වෙන බවයි වාර්තා වන්නේ. අරණායක වැනි ප්‍රදේශවල එය සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා."

කිසියම් පක්ෂයකින් තේරී පත්වූ මන්තී‍්‍රවරයෙකු ලාභ අපේක්ෂාවෙන් වෙනත් පක්ෂයකට ඡන්දය ලබා දීම ඡන්ද දායකයාට කරන නිගරුවක් බවද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නා.