Sunday, May 5, 2024

General line - 0115112241

විකෘති කළ මුදල් නෝට්ටු හුවමාරු කරන්න මහ බැංකුවෙන් නව වැඩපිළිවලක්

දිනුක් හේවාවිතාරණ




මාර්තු මස 31 වන දිනෙන් පසු සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ දී සාමාන්‍ය මහජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එවැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එවැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ අනුරාධපුරය, මාතලේ, මාතර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, කිලිනොච්චි හි පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලයක් වෙත භාර දෙන ලෙස හෝ එම මුදල් නෝට්ටු පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ එවන ලෙස මහජනතාවට මහ බැංකුව විසින් දැනුම් දෙනවා. 

අදාළ අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියෙන් (www.cbsl.gov.lk) බාගත හැකි අතර ප්‍රාදේශීය කාර්යාල හෝ ඕනෑ ම බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවක් වෙතින් ද ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරනවා.

අධිකාරී

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව

නො.30 

ජනාධිපති මාවත

කොළඹ 01

ශ්‍රී ලංකා.

දුරකථනය – 0112 477 587

ඊ මේල් - [email protected]

ෆැක්ස් - 0112 477 726