Thursday, March 28, 2024

General line - 0115112241

උපාධියටත් කම්කරු රැකියාවක් ඉල්ලන දිස්ත්‍රික්කයක්



ශ්‍රී ලංකාවේ ඉහළම විරැකියා අනුපාතය ඇති දිස්ත්‍රික්ක අතර පළමු ස්ථානයට කිලිනොච්චිය ද දෙවන ස්ථානයට කෑගල්ල දිස්ත්‍රික්කය ද පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් කෑගල්ල එජාප සංවිධායක ලිලාන් අමරකෝන් මහතා පවසනවා.

යුද්ධය නිසා කිලිනොච්චියේ විරැකියා අනුපාතය ඉහළ ගිය ද කෑගල්ල දිස්ත්‍රික්කයේ එවැනි තත්ත්වයක් ඇති වීම ඛේදජනක බවයි ඔහු පවසන්නේ.

රැකියා ඉල්ලුම්පත් තුන්දහසක් පමණ තම කාර්යාලයට ලැබී ඇති බවත් එයින් 99%ක් පමණ රජයේ රැකියා ඉල්ලා සිටින බවත් ලිලාන් අමරකෝන් මහතා පෙන්වා දෙනවා.

ඒ අතර සිටින උපාධිධාරීන් පවා රජයේ කම්කරු රැකියාවක් හෝ ලබා ලෙස ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ.