Sunday, May 5, 2024

General line - 0115112241

සෑම නිවසකටම සුළං පෙත්තක් - මෙහෙයුම අද සිට ඇරඹෙයි

ඉෂාර සුපෙම් මානගේ




විදුලි බලය මෙරටට ලැබීමෙන් අනතුරුව පසුගිය ගෙවී ගිය සතියේදී ජනතාව වැඩිම විදුලි ඉල්ලුමක් භාවිතා කළ සතිය බවට පත්ව ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඉකුත් 23 වැනිදා රාත්‍රියේ මෙගාවොට් 2611ක් මෙරට ජනතාව විදුලිය ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ ආලෝකය සඳහා පමණක් නොව පරිසරයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් සිසිලස ලබා ගැනීම සඳහා බවයි සඳහන් කළේ.

මේ හේතුවෙන් පුණර්ජනනීය බලශක්තිය වැඩි කිරීම කෙරෙහි හැකිතාක් උත්සහ ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සුළං බල මෙහෙයුම අද (06) හම්බන්තොටින් ආරම්භ කරන බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.  අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී "සූර්ය බල සංග්‍රාමය හරහා මේ වන විට මෙගාවොට් 150ක ට ආසන්න ප්‍රමාණයක් වහලවල් මත සවිකර ඇති සූර්යය පැනල හරහා අපි නිෂ්පාදනය කරනවා. දැන් සුළං බල මෙහෙයුම හම්බන්තොටින් පටන් ගන්නවා. ජනතාවටත් පුළුවන් තමන්ගේ ගෙදර සුළං පෙත්තක් සවිකරගන්න. රුපියල් 22ක මිලක් ගෙවනවා..නිෂ්පාදනය කරලා දෙන විදුලි බල ඒකකයක් සඳහා. අපේ රටේ සෑම ගෙමිදුලක්ම සුළං බලාගාරයක් කරන්නයි අපේ බලාපොරොත්තුව." යනුවෙන් සඳහන් කළා.