Wednesday, February 5, 2025

General line - 0115112241

කොන්දේසි 10යේ කතාවට දෙමළ සන්ධානයෙන් උත්තර

තරංග රුක්ෂාන් ජයසේකර




අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පල කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත් කළ බවට පළවන වාර්තාවලට දෙමළ ජාතික සන්ධානය අද (08) ප‍්‍රතිචාර දැක්වූවා.

 පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී කරුණූ 10ක යෝජනාවලියක් ඉදිරිපත් කළේ කොන්දේසි වශයෙන් නොවන බවයි. උතුරේ පවතින ගැටලූ කිහිපයකට විසඳුම් ලබා ගැනීම එහි අරමුණ වූ බවද මන්ති‍්‍රවරයා පවසනවා. 

 එසේ නොමැතිව අග‍්‍රාමාත්‍යවරයා සමග වෙනත් කිසිඳු එකඟතාවක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.