Wednesday, February 5, 2025

General line - 0115112241

මහනුවර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ලිඛිත සාක්ෂි විමසීමට පියවර




පසුගිය මාර්තු මාසයේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව එම ප්‍රදේශවල සංචාරය කරමින් තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර  ඇති බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා.

එම පරීක්ෂණයේ මූලික අදියර ලෙස මෙම සිදුවීම් වලින් හානියට පත්වූ පුද්ගලයන්ගෙන් සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් තොරතුරු සහ සාක්ෂි ලිඛිතව විමසීමට නියමිතයි.

මෙහිදී කරුණු දැක්වීමට අදාල දිනය, ස්ථානය, වේලාව, හඳුනාගත් පුද්ගල නාම සහ ආයතන නාම සඳහන් කළ යුතු වනවා.

ඒ සමග ඡායාරූප, වීඩියෝ පට සහ හඬ පටද ඉදිරිපත් කළ හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ.

මෙම ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම පිටු තුනකට නොවැඩි වන ආකාරයෙන් සකසා 2018 අප්‍රේල් මස21 දින හෝ එයට පෙර ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් මහනුවර, පේරාදෙනිය පාරේ, ප්‍රිම් රෝස් පාරේ, අංක 8/1 හි පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත යොමු කළ හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.