Thursday, May 2, 2024

General line - 0115112241

සිනමාව ජීවත් කරවු මහ සිනමාවේදීගේ සුවදුක් විමසීමට අගමැතිවරයාත් යයි (PHOTO)




ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පෙරවරුවේ තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග එහි පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා සමඟ සුහඳ කතා බහක නිරත වුණා.

කෙසේ වෙතත් ඔහුගේ 99 වන ජන්ම දිනය යෙදි තිබුනේ මෙම සම 05 වැනිදායි. එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහි ගොස් මෙම ජ්‍යෙෂ්ඨ කලාකරුවාගේ සුවදුක් විමසා බැලුවා.