එළඹෙන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයිමේ අරමුණින් ශ්‍රී ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. අලූත් අවුරුදු සමයේ අතිරේක බස්රථ මෙන්ම දුම්රියද සේවයට යොදවා ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ. අලූත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා අනිද්දා (11) සිට ආරම්භ කරන බවද ප්‍රකාශ කෙරුණා.
අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහාද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර අලූත් අවුරුදු සමය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය 03ක් ධාවනයට එක් කෙරෙනවා. රාත්‍රී 7.20 ට කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වාත් සවස 01.05ට කොටුවේ සිට මහව දක්වාත්, සවස 05.10ට මහව සිට කොටුව දක්වාත් මෙම විශේෂ දුම්රියන් ක්‍රියාත්මකයි.