Thursday, September 19, 2024

General line - 0115112241

තහනම් ග්ලයිෆොසෙට් ඩොලමයිට් ලෙස ශ්‍රී ලංකාවට

සමන්ත කුමාර




තහනම් වල්නාශකයක් වන ග්ලයිෆොසෙට් ඩොලමයිට් ලෙස හගවමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වීමේ වෑයමක් තවදුරටත් කි‍්‍රයාත්මක බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.

ඩොලමයිට් ලෙස හගවමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වූ ග්ලයිෆොසෙට් අඩංගු බහාලූමක් රේගුව විසින් මීට දින කිහිපයකට පෙරද අත්අඩංගුවට ගත්තා. ඊයේ දිනයේ එය විවෘත කර පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර එහි තිබී ග්ලයිෆොසෙට් කිලෝ ග‍්‍රෑම් 10,800 ක් සොයා ගැණුනා. මෙලෙස විශාල තොග වශයෙන් ග්ලයිෆොසෙට් ශී‍්‍ර ලංකාවට ගෙන්වීමට හේතු වු කරුණු පිළිබදවද මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත කරුණු දැක්වුවා.

රේගු භාරයට ගැණුනු ග්ලයිෆොසෙට් තොගය කූඨ ක‍්‍රම මගින් රට තුළට ඒමේ අවදානමක් පවතින බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.