Thursday, September 19, 2024

General line - 0115112241

අදත් රට පුරා මහ වැසි

ඩිල්ෂාන් මඩවල




රට පුරා බොහෝ ප‍්‍රදේශවලට අද (13) ත් වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට උදෑසන කාලයේදී වැසි බලාපොරොත්තු වියහැකි අතර, පස්වරු 2න් පසු සෙසු ප්‍රදේශයන්හි වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. සබරගමුව, බස්නාහිර, ඌව සහ දකුනු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවන වැසි ඇතිවීමේ අවධානමක් පවතිනවා. එම ප්‍රදේශයන්හි තද සුළංද බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන ලෙසටද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙනවා.  

 

මේ අතර ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ති‍්‍රකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කෙරෙනවා. එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ක් හෝ 80 ක් දක්වාද වැඩි විය හැකියි. එවැනි අවස්ථාවල මුහුද රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.