Thursday, September 19, 2024

General line - 0115112241

මහා පරිමාණ විදෙස් මත්පැන් තොගයක් සහ ඖෂධ තොගයක් අල්ලයි

චම්ලි ඒකනායක/දිනුක් හේවාවිතාරණ




හොරෙන් මෙරටට ආනයනය කරන ලද විදේස් මත්පැන් බෝතල් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඖෂධ තොගයක් සහිත බහාලුමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත මහරගම ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් රණසිංහ nethnews.lk වෙත පැවසුවේ.

මෙම මත්පැන් තොගය සහ ඖෂධ තොගය මෙරටට ගෙන්වූ සැකකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.