මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්, රෙජිනෝල්ඩ් කුරේ අද (13) යළි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ඔහු ඊයේ දිවුරුම් දීමට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා. ඊයේ දිනයේදී පළාත් 7ක ආණ්ඩුකාරවරුන් පළාත් මාරුවක් සමගින් දිවුරුම් දෙනු ලැබූවා.