Thursday, September 19, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දට සිරකරුවන්ට විශේෂ වරප්‍රසාද

නිශාන් ද සිල්වා




සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැදවූවන්ටද විශේෂ වරප‍්‍රසාද පිරිනමා තිබෙනවා. ඒ අනුව අද සහ හෙට දින දෙකේදී පිටතින් පැමිණෙන ඥාතීන් මුණ ගැසීමට ඔවුන්ට අතිරේක අවස්ථාවක් ලබාදී ඇති බවයි බන්ධනාගාර දොපාර්තමේන්තුව පැවසුවේ. ඥාතීන් රැගෙන එන ආහාරපාන ලබාගැනීමටද බන්ධනාගාරගත රැඳවූවන්ට අද සහ හෙට දින දෙකේදී අවස්ථාව හිමි වනවා.

මීට අමතරව සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද උදාවන හෙට දිනයේදී ඔවුන්ට කිරිබත් ලබාදීමටද දිවා ආහාරය සඳහා කහබත් ලබාදීමටද කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. 

සාමාන්‍යයෙන් දඩුවමකට ලක්ව බන්ධනාගාරගතව සිටින තැනැත්තෙකුට ඥාතීන් මුණ ගැසීමට අවස්ථාව ලැබෙන්නේ මසකට එක් වරක් පමණයි. මරණ දඩුවමට නියම වී සිටින්නෙකුට නම් මසකට දෙවරක්  ඒ සදහා අවස්ථාව ලැබෙනවා. ඒ අනුව අද සහ හෙට දින දෙකේදි ලැබී ඇති විශේෂ වරප‍්‍රසාදය නීත්‍යනුකූලව භුක්ති විදින ලෙයසි බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාරගත රැඳවූවන්ගෙන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ගෙන්ද ඉල්ලා සිටින්නේ.

ආහාරපාන මුවාවෙන් නීතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර වෙත රැගෙනඒමට උත්සාහ කලහොත් එවැන්නන් පොලීසියට භාරදෙන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.