Thursday, September 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම ආණ්ඩුවේ වැඩට බාධාවක් නොවේ

හේමන්ත කහවලගේ/ ඩිල්ෂාන් මඩවල




ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම ආණ්ඩුව හෝ එහි කටයුතු කෙරෙහි කිසිදු නරක බලපෑමක් ඇති නොකරන බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ඒ බව සදහන්. 

ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාර්ලිමේන්තුවේ මීළග වාරය ලබන මැයි මස 8 වනදා ආරම්භ කළයුතු බවයි එහි වැඩිදුරටත් සදහන් වන්නේ. 

මේ අතර පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම යනු කුමක් දැයි නෙත් නිවුස් නීතිවේදීන්ගෙන් ද විමසීමක් කළා.  මේ ඒ පිළිබද කරුණු දක්වන ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා පැවසුවේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සදහා ජනාධිපතිවරයාට බලය පැවරී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් බවයි. එහි විධිවිධානවලට අනුව වාර අවසාන කරන විට නිම කර නොමැති ඒ දක්වා පාර්ලිමේන්තු විසින් ඉදිරියට ගෙනආ සියළු කරුණු සම්බන්ධයෙන් නව වාරයේදී ඉතිරි කටයුතු සිදුකිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙනවා.