Thursday, September 19, 2024

General line - 0115112241

විකෘති කාමාෂාවකින් පෙළුණු පුද්ගලයෙක් අත්අඩංගුවට

ප්‍රසාද් පුර්නමාල්




වයස අවුරුදු තුනක එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු 48 හැවිරිදි පුද්ගලයෙකු හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (13) දහවල් හලාවත, කරවිටගාර ප්‍රදේශයේදියි.

පොලිසියේ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරක් මත පොලිසිය විසින් මෙම සැකකරුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සිදුවිමට බදුන් වූ එළදෙන අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් පශු වෛද්‍යවරයෙකු කැදවා ප්‍රතිකාර කිරීමට නියමිතයි.

 අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හලවටත මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.