Thursday, September 19, 2024

General line - 0115112241

අකිල විරාජ්ගේ උපාධිය ගැන ජාතික යොවුන් පෙරමුණේ හිටපු ලේකම් කියූ කතාව




පසුගිය දිනවල සමාජ මාධ්‍යජාල තුල කතා බහට ලක්වූ චරිතයක් වූ "ආනන්ද ප්‍රියනාත්" නම් පුද්ගලයා සිය අනන්‍යතාවය ගැන හෙළිකරමින් ෆේස්බුක් හරහා සටහනක් තබා තිබෙනවා. 

මේ එම සටහනයි : 

පසුගිය සතියේ සමාජ ජාලා වෙබ් අඩවිවල හා රූපවාහිනී මාධ්‍ය ජාලා මගින් නොදන්නා කොල්ලෙක් ගැන කතිකාවක් තිබුණි. ඒ නොදන්නා කොල්ලා ජාතික යොවුන් පෙරමුණේ හිටපු ලේකම් වන ආනන්ද ප්‍රියනාත් වන මමයි.

දැන් ඔබලා මාව දන්නවා ඇති. දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන කතා කරන කාලයයි.මට දැන් මතකයට එන්නෙ දැනට විසි වසරකට පෙර ජාතික යොවුන් පෙරමුණේ මුල්ම කාලයයි. එහි ආරම්භය හා ව්‍යාප්ත කිරීම අති දුෂ්කර කාර්යයක් විය. එයට හේතුව පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්ව අවුරුදදක් වූ නිසායි.

ජාතික යොවුන් පෙරමුණේ මුල්ම ශාඛාව හැදුවේ කුලියාපිටිය ආසනයේය. එම ශාඛාවේ ප්‍රථම සභාපතිවරයා බවට පත් වූයේ දැන් අධයාපන අමාත්‍ය වන අකිල විරාජ් කාරියවසම්. ඒ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දේශපාලකයෙකු හදුනන්නේ නැත.ඔහු එහිදී ද පත්වූයේ ඡන්දයනි. ඉන් පසුව ඔහු දිස්ත්‍රික් ඡන්දයෙන් දිනා සිරිකොතට පා තැබීය. එතැන් සිට වර්ෂ 1994 සිට 2004 දක්වා මා මෙන්ම ඔහුද පක්ෂය ජයග්‍රහණය වෙනුවෙන් අනේකවිධ කැප කිරීම් කළේය. 

මා වැලිමඩ සාමාන්‍ය ගොවි පවුලක පුතෙක් වුවද, අකිල වයාපාරික පවුලක තරුණයකි නමුදු රට පුරා තරුණ සංවිධාන කටයුතුවල නියලී සිරිකොතට පැමිණ එක බත් පැකට් එක කා පත්තර පිටු එලා අනික් තරුණයන් සමඟ නිදා ගත්තද ,එවකටත් ඔහුට කොළඹ නිවසක් තිබුණි. 

අකිල අද සිටින තැනට පැමිනියේ පැරිෂුට් ක්‍රමයට හෝ ජාතික ලයිස්තුවෙන් නොවේ. ජන්ද ලක්ෂ තුනකට අධික මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී මෙන් අතරම ඔහු පක්ෂයේ ඕනෑම නිලයකට මෙන්ම ආණ්ඩුවේ ද ඕනෑම තනතුරකට සුදුසු බව සමාජයේ මතයයි..

මේ සියලුම දේශපාලන දුෂ්කරතා මැද වුවද ඔහුගේ නිසි වයසට ලංකාවේ විශ්ව විද්‍යාල වලින් උපාධි දෙකක් ලබාගෙන ඇත. අපේ සමකාලීන මිතුරන් පවසන්නේ අකිල දැන් හොදට තෙම්පරාදු වී ඇති බවයි.