Thursday, September 19, 2024

General line - 0115112241

මෙවර අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය තවත් පැය කිහිපයකින්

හර්ෂිකා සංජිවනි





මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය තවත් පැය කිහිපයකින් උදා වනවා. හෙට (14) පූර්ව භාග 01යි 49යේ සිට අපර භාග 02යි 37 දක්වා පුණ්‍ය කාලය බැවින් අලූයම 01යි 49ට පෙර ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ. 

මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද හෙට පෙරවරු 8.13 ට උදාවනවා. පුණ්‍ය කාලයේ අපර කොටසේදී ලිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගණුදෙනු කිරීම සහ වැඩ ඇල්ලීම සදහා නැකැත් යෙදී තිබෙනවා. 

මෙම සියලූ නැකැත් චාරිත‍්‍ර නිවැරදිම වේලාවට ඉටු කිරීමට නෙත් එෆ් එම් රේඩියෝවද සූදානම්. නෙත් එෆ් එම් රේඩියෝව මෙවර නැකැත් චාරිත‍්‍ර ඉටුකරන්නේ යුද හමුදාපතිවරයා ප‍්‍රමුඛව රණවිරුවන් සමගයි. සෑම නැකතක්ම නිවැරදිව රටට දැනුම්දීමට මෙන්ම උදාවන සෑම නැකැත් අවස්ථාවකදීම ආශිර්වාද සෙත් කවියක් ප‍්‍රචාරය කර රටට සෙත් පැතීමටද නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරනවා.

මේ අතර සෑම නැකැත් අවස්ථාවකටම පෙර අදාළ චාරිත‍්‍රයේ සැබෑ අරුත පිළිබද පැහැදිලි කරමින් චාරිත‍්‍ර වඩා අර්ථාන්විතව ඉටු කිරීමට මගපෙන්වීමට නෙත් නිවුස් සූදානම්. අලූත් අවුරුද්ද උදාවේදී පවා සේවා ස්ථානවල රාජකාරියේ යෙදී සිටින්නන්ද නෙත් නිවුස් අමතක කරන්නේ නැහැ. ඒ අනුව නැකැත් චාරිත‍්‍ර ඉටු කිරීමෙන් පසු ඔවුන් සොයා නෑගම් පැමිණීමටද නෙත් නිවුස් සූදානමින් සිටිනවා.