Monday, April 29, 2024

General line - 0115112241

සෑම දෙනාගේ සිත් උණු කල මව් සෙනෙහස (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




වසර 09 කට පසුව අමෙරිකාවේ වොෂින්ටන් සත්ව උද්‍යානයේ ගෝරිලි පැටවෙක් අද (17) උපත ලබා තිබෙනවා. මෙම පැටවා උපන් අවස්ථාවේ දී "කලායා" නම් එම ගෝරිලි මව ඉතා හැගුම්බරව සිය දරුවාව සිප ගන්නා අයුරු වීඩියෝවක සටහන්ව තිබුනා. එම අවස්ථාවේදී ඒ අසල සිටි සියලුම දෙනාට මෙය ඉතා හැගුම්බර දර්ශනයක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ. 

අලුත උපන් ගෝරිලි පැටවා පිරිමි සත්වයෙක් වන අතර ඔහුට " මොකේ" යන නම තබා තිබෙනවා. ඒ නමේ තේරුම නම් " ලාබාලය"  යි. මෙම ගොරිල්ලන් සඳහා නම් තාබිමේදී වැඩි වශයෙන් භාවිත කරන්නේ කොංගෝ රාජ්‍යයේ භාවිතා කරන "ලින්ගාලා" නම් භාෂාවයි.

මේ වන විට අලුත උපන් පැටචා සහ මව සුවයෙන් සිටින බව සත්ව උද්‍යානයේ බලධාරීන් පවසනවා.