Sunday, May 5, 2024

General line - 0115112241

ජී එස් පී බදු සහනය 22 දා සිට




අමෙරිකානු ජී එස් පී බදු සහනය අප්‍රේල් මස 22වනදා සිට යළිත් වරක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසරය මත රටවල් 120ක නිෂ්පාදන 5,000ක් සඳහා මෙම බදු සහනය හිමිවනු ඇති.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඉකුත් වසරේදී අමෙරිකාවට කළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 03ක් දක්වා වැඩි වී ඇති බවයි.

අමෙරිකාව යනු ශ්‍රී ලංකවේ ප්‍රධාන අපනයන ගැනුම්කරුවායි. ශ්‍රී ලංකාවේ ඇඟලූම්වලින් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් අමෙරිකාවට අපනයනය කරනවා. 2016 වසරට සාපේක්ෂව අමෙරිකාවට කළ මුලූ අපනයනය ප්‍රමාණයේ වටිනාකම සියයට 03යි දශම 6යි 5කින් වැඩි වී ඇති බව සඳහන්.