සර්බියාවේ ප්‍රථම උප අගමැතිවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා වන ඉවිච්කා ඩාසික්ච් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. සර්බියාවේ B 92 පුවත්පත මේ පිළිබඳව නිල වාර්තාවක් පල කර ඇති බව සඳහන්.
මැයි මස 02 දින සිට 08 වන දින දක්වා ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව වැනි රටවල සංචාරය කිරිමට නියමිතයි. මෙම සංචාරයේ දී සර්බියාවේ උප අගමැතිවරයා මෙම රටවල නායකන් හමුවී සාකච්ඡා කිරිමට නියමිත බවයි B 92 පුවත්පත සඳහන් කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමු කෙරෙනු ඇති.