Monday, November 11, 2024

General line - 0115112241

ඇමති මාරුව සමග එන පරිපූරක ඇස්තමේන්තු ගැන පොහොට්ටුව හෙළි කරයි

සජිත් තිලකරත්න




අලූතින් පත්වූ අමාත්‍ය රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පහසුකම් ලබා දීම සඳහා ඉදිරියේදී තවත් පරිපූරක ඇස්තමේන්තු කිහිපයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වනු ඇතැයි ශි‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එම පක්ෂය අද (04) කැඳවා තිබූ මාධ්‍යහමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර රෝහිත අබේගුණවර්ධන අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව පිඩාවට පත්ව සිටින මේ අවස්ථාවේ නව කැබිනට් ඇමතිවරුන්ට, නියෝජ්‍ය අමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම් සහ වාහන පහසුකම් ආදිය ලබා දීමට මෙලෙස මුදල් වෙන් කිරීම අනවශ්‍ය දෙයක් බවයි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විජයදාස රාජපක්ෂ යලි ඇමැතිධුරයක් භාර ගැනීම ගැන පුදුම වන බවත්, කෙසේ හෝ කැබිනට් සංශෝධනයෙන් පසු යම් ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරුන් නොසතුටින් පසුවන බව කියා සිටියා.