අර්තාපල් රැගෙන ආ කන්ටේනරයක් තුළ සගවා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8.25ක් ඉතා සුක්ෂම අයුරින් මෙරටට රැගෙන ආ රායිඩි මොහොමඩ් හෙවත් ජාන් නමැත්ටතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් අද (11) මරණ දඩුවම නියම කළා. විත්තිකරුට එරෙහිව මරණ දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ සැකකරුට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගොනු කළ සියළු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වු බවයී.
2010 වසරේ දෙසැම්බර් මස අර්තාපල් ආනයනය කළ බහාලුම තුළ මෙම හෙරොයින්ද අර්තාපල් ගෙඩි ලෙස හදුනාගත නොහැකි ලෙස සකස් කොට තිබු අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී අදාල මත්ද්‍රව්‍ය තොගය සොය ගන්නා ලදි. ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් අල ගෙඩි සාදා ඒවා ඇතුළේ හෙරොයින් බහා අර්තාපල් අල අසුරන ආකාරයට දැල් සහිත ගෝනිවල අසුරා හෙරොයින් ප්‍රවාහනය කර තිබුණා.